'නව පනතේ ක්‍රමවේදයට පටහැනි ක්‍රියාවක්' - එස්. මායාදුන්නේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 26, 2016

'නව පනතේ ක්‍රමවේදයට පටහැනි ක්‍රියාවක්' - එස්. මායාදුන්නේ

'නව පනතේ ක්‍රමවේදයට පටහැනි ක්‍රියාවක්' - එස්. මායාදුන්නේ
මේ වනවිට මෙරට විගණකාධිපතිවරයාට හිමිව ඇති අධිභාර පැනවීමේ බලය යෝජිත පනත මගින් කමිටුවකට ලබාදීමට කටයුතු කිරීම පවතින ක්‍රමවේදයට පටහැනි ක්‍රියාවක් බව හිටපු විගණකාධිපති එස්.මායාදුන්නේ මහතා ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මායාදුන්නේ මහතා කියාසිටියේ මේ වනවිට ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රමවේදය බවත් එම ක්‍රමවේදය ක්‍රියාත්මක වන රටවල් 54කට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක වන්නේ විගණකාධිපතිට පූර්ණ බලය තිබෙන ක්‍රමවේදයක් බවත් ය.

අද (26) පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළ හිටපු විගණකාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඒ අනුව වසර 217ක් පුරා පැවත එන එම ක්‍රමවේදය තුළත් විගණකාධිපතිවරයාට පූර්ණ බලතල ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් නව පනත ඔස්සේ අධිභාර පැනවීමේ කටයුත්ත කමිටුවකට පැවරීමට හැකියාවක් නොමැති බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad