අම්බලන්ගොඩ , බටපොල කොබෙයිතුඩුව ප්රදේශයේ පොදු ළිඳක තිබී අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
ඊයේ (24) රාත්රියේ ප්රදේශවාසීන් විසින් මෙම මළ සිරුර දැක ඇති අතර පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් මිටියාගොඩ පොලීසිය දැනුවත් කර ඇත. මෙසේ මියගොස් ඇත්තේ කොබෙයිතුඩුව ප්රදේශයේම පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකි.
පසුගිය සෙනසුරාදා දින අම්බලන්ගොඩදී දුම්රියේ ගැටීමෙන් මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන්, ඇය දුම්රියට තල්ලු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබූ බව ද පොලීසිය සදහන් කරයි. ඒ අනුව මෙම මරණය සියදිවි නසා ගැනීමක් ද ඝාතනයක් ද යන්න තවමත් තහවුරු වී නොමැත.
මේ වනවිට දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන අතර මිටියගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

No comments:
Post a Comment