වතු කම්කරුවන්ට 2,500කින් වැටුප් වැඩිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 26, 2016

වතු කම්කරුවන්ට 2,500කින් වැටුප් වැඩිවෙයි

වතු කම්කරුවන්ගේ මාසික වැටුප රුපියල් 2,500කින් වැඩි කිරීමට වැවිලි සමාගම් හිමිකරුවෝ ඊයේ (25) තම එකඟත්වය පළකර ඇත. 

ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් හිමිකරුවන් සමඟ පවත්වන ලද සාකච්ඡාවකදී මෙම එකඟත්වය පළකර ඇති අතර ඔවුන්ට හිමි හිඟ වැටුප් ලබාදීමටද කැමැත්ත පළකර තිබේ.

වැවිලි සමාගම්වල මූල්‍ය තත්ත්වය ශක්තිමත් කර ගැනීමට ලංකා බැංකුව සහ මහජන බැංකුවෙන් රුපියල් මිලියන 1,000ක් ලබාදීමට රජය මැදිහත්වීම හේතුවෙන් වැවිලි සමාගම් හිමිකරුවන් මෙම එකඟත්වය පළකර තිබේ. මෙම වැටුප් වැඩි කිරීමට අදාළ මුදල් රාජ්‍ය බැංකු මඟින් අද (26) එම වැවිලි සමාගම් වෙත නිදහස් කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad