යාපනය විශ්වවිද්‍යාලයේ පීඨ කීපයක් විවෘත කළ බව රජය පැවසුවත් සිංහල සිසුන් කිසිවකුත් එහි නොගිය බව යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු වන එස්. තුෂාර සිසුවා පැවසීය.
කවුරුන් මොනවා කීවත් සිංහල සිසුන්ට විශ්වවිද්‍යාලය තුළ ගැටලුවක් පවතින අතර මහමඟදී සිංහල සිසුන්ට කරදරයක් සිදුවුවහොත් එහි වගකීම ගන්නේ කවුදැයි ඔහු රජයෙන් ප්‍රශ්න කළේය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීය.
අපි යාපනය කැම්පස් එකේ ඉඳලා කිලෝමීටර් 3 ක් දුර බෝඩිමක ඉන්නේ. අපිට පාරෙදි මොනවා හරි දෙයක් වුවොත් කවුද වගකීම බාරගන්නේ. කැම්පස් එකේ ආරක්‍ෂාව තහවුරු කරලා ස්‌ථිර විසඳුමක් දෙනකම් සිංහල ළමයි කවුරුවත් යාපනය කැම්පස් එකට යන්නේ නැහැ.
දැන් අපිවත් හුඟක් දෙමළ ළමයි අතර හයිලයිට් වෙලා තියෙන්නේ. එදා මේ ගැටුම වෙලාවෙත් ඒ අය අපිව වීඩියෝ කළා. මේ ගැන අපි පොලිසියට පැමිණිලි කළා. අපි කියන්නේ යාපනය කැම්පස් එක වටේටම ආමි එක දාන්න කියලයි. එයාල ආමි එකට සෑහෙන බයක් තියෙනවා.
ඒ දෙමළ ළමයි පොලිසියට බයත් නෑ. අපි දැන් කැම්පස් එකට ඇවිත් අවුරුදු දෙකහමාරක් වෙනවා. මේ වෙනකොට කැම්පස් එකේ ඉන්න දෙමළ ළමයින්ගේ විශාල වෙනසක් අපි දකිනවා.
දින දෙක තුනකට උඩදී අපි උපකුලපතිතුමියයි, පොලිස්‌පතිතුමයි, පාලකයොයි සමඟ සාකච්ඡාවක් තිබුණා. එහිදී අපි ඔවුන්ට කිව්වෙත් සිංහල ළමයින්ගේ ආරක්‍ෂාව සහතික කරලා දෙන්න කියලයි.”
– දිවයින
Monday, July 25, 2016
Home
ප්රවෘත්ති
සිංහල සිසුන් කිසිවෙකු නැවත යාපන සරසවි නොයයි.. ආරක්‍ෂාව සහතික නෑ.. දෙමළ සිසුන් පොලීසියට බය නෑ..
සිංහල සිසුන් කිසිවෙකු නැවත යාපන සරසවි නොයයි.. ආරක්‍ෂාව සහතික නෑ.. දෙමළ සිසුන් පොලීසියට බය නෑ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment