ව්‍යවස්ථා සංශෝධනයේදී බෞද්ධාගමට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යරජාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ජාති, කුල, ආගම් භේද නොසලකා සහයෝගයෙන් සහ සංහිඳියාවෙන් කටයුතු කිරීමේ කාලය දැන් එළැඹ ඇති බව ද පෙන්වා දුන්නේය.
ව්‍යවස්ථා සංශෝධනය තුළ බෞද්ධ ආගමට කිසිදු වෙනසක් සිදු නොවන බව ජනාධිපතිතුමා ද පෙන්වා දී තිබෙන බවත් ජාතින් අතර භේදයක් නැතිව ජීවිත් වීමට හැකි පරිසරයක් මේ වනවිට උදා වී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අද රටේ තියෙනවා ලොකු සාකච්ඡාවක් මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන තිබෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේද පැවසී ය,
"මට මතකයි අපි පිටරට යනකොට පළමුවෙන්ම පන්සලට ගිහිල්ලා පිරිත් නූලක් බැඳගෙනයි අපි යන්නේ. මම තමයි ක්‍රිකට් ආයතනයට ඉස්සෙල්ලම ස්වාමීන්වහන්සේලා ගෙන්වලා අපේ ක්‍රීඩා කණ්ඩායමට ආශිර්වාද කරන්න ස්වාමීන් වහන්සේට කියලා පිරිත් නූලක් ගැටගහගත්තේ.
මේ පිරිත් නූල ගැට ගහනකොට බෞද්ධයෝ විතරක් නෙවෙයි කතෝලික, හින්දු සහ මුස්ලිම් යන සියලුම ක්‍රීඩකයින් අත දික්කරලා අපේ හාමුදුරුවන්ගෙන් පිරිත් නූල ගැට ගහගෙන ක්‍රීඩා කරපු කාලයක් අපේ තිබ්බා. ඒ වගේ එකට වැඩ කරපු සංහිදියාවක් අපිට තිබුණා"

No comments:
Post a Comment