පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් හෙට (26) දිනයේ දී ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව හෙට පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී මෙම පත්වීම් ලබාදීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී සෞඛ්‍ය සේවාවේ කටයුතු කිරීමට කැමැත්ත පළ කළ වෛද්‍යවරුන් 1034දෙනෙකු සඳහා මෙම පත්වීම් ලබාදීමට සැළසුම් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටින්නේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ග්‍රාමීය මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව මෙලෙස නවක වෛද්‍යවරුන් සඳහා පත්වීම් ලිපි ලබා දෙන බවයි.
No comments:
Post a Comment