මුරලි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සහාය දැක්වීම ගැන පියා ප්‍රථම වරට අදහස් දක්වයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 25, 2016

මුරලි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සහාය දැක්වීම ගැන පියා ප්‍රථම වරට අදහස් දක්වයි.

සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිලිබඳව මේ දිනවල බොහෝ දෙනා කතා කරනවා. 

ඒ ශ්‍රිලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියදී ඕස්ට්‍රේලියානු කණ්ඩයමේ දඟ පන්දු පුහුණකරුවෙකු ලෙස මුරලි තෝරාගැනීමත් සමගයි.

ඊයේ දිනයේ මුරලිදරන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට බලෙන් පිවිස කිසිදු අවසරයකින් තොරව ඕස්ට්‍රෙලියානු කණ්ඩායමට පුහුණු කර ඇතැයිද මාධ්‍ය වාර්තා කළා. 


එමෙන්ම මෙම ටෙස්ට් තරගාවලිය වෝන් – මුරලි කුසලානය ලෙස නම් කර තිබියදී ප්‍රතිවාදී පිළ වෙනුවෙන් පෙනී සිටිම සදාචාරාත්මක නොවන බවයි ශ්‍රිලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියේ. කෙසේ වෙතත් මුරලිදරන්ගේ පියා වන සින්නසාමි මුත්තයියා මේ චෝදනා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු වෙබ් අඩවියක් හා අදහස් දක්වා තිබුණා.

ඔහු එහිදී පවසා ඇත්තේ තමාගේ සහයෝගය ශ්‍රීලංකාව සමග පැවති බවත්,දැන් තමාගේ සහයෝගය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිවන බවත්ය. ඔහු තම පුතු වන මුරලි ධෛර්යමත් කරන බව ද එහිදී පවසා තිබෙනවා. මෙය මුරලිගේ ආශාවක් බවත් ශ්‍රී ලංකා පිළට දගපන්දු උපදේශකවරයෙක් සිටින බවත් ඔහු පවසා තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad