මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය කඩිනමින් ප්‍රතිපත්තිමය තීරණයක් ගතයුතු බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (07) බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක දී ය.
මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ මහ බැංකු අධිපතිවරයාගේ ප්රශ්නය මෙන් මෙම ප්රශ්නය ද තවත් උඩුදුවන තෙක් සිටියහොත් සමාජයේ විශාල අර්බුදකාරී තත්ත්වයක් පැන නැගිය හැකි බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය. "මේක ප්‍රමාද කරන්නැතිව විසඳන්න. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්, වෛද්‍යවරුන්ගේ දරුවන්, විනිසුරුවරුන්ගේ දරුවන්, නීතිඥයන්ගේ දරුවන් සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සඳහා ඇතුළත් වෙලා ඉන්නවා. නමුත් නීති කඩලා, සියලු ක්‍රමවේදයන් උල්ලංඝනය කරලා ප්‍රමිතියෙන් තොර ආයතන හදලා මෙහෙම වෛද්‍ය උපාධි දෙන්න ගියොත් ඒකෙන් රටට අගතියක් වෙනවා.
මේ ප්රශ්නය වෙනුවෙන් කවුරුහරි ශිෂ්‍යයෙක් දෙන්නෙක් මියයන්න ඕනද? තව පෙළපාළි කීයක් කොළඹට එන්න ඕනැද? පාරවල් කොච්චර අවහිර කරන්න ඕනද? ජල ප්‍රහාර,කඳුළු ගෑස් තව කොච්චර ගහන්න ඕනද? මේ ප්රශ්නය වෙනුවෙන් සමාජය ඉදිරිපත් කරලා තියෙන සාධාරණ කරුණු කාරණා මදිද මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න".

No comments:
Post a Comment