නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 800කට අධික ප්‍රමාණයක් මීගමුව නගරය මධ්‍යයේ ගබඩාවට තිබී සොයාගැනීමට මීගමුව පොලීසිය සමත් වී තිබේ.
අත්අඩංගුවට පත් ගබඩාවේ හිමිකරු ප්‍රකාශ කොට ඇත්තේ කටාන, ඉඹුල්ගස්වාඩිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදනයට යොදා ගැනෙන පුපුරණ ද්‍රව්‍ය ගබඩාව තමන් පවත්වාගෙන යන බවත් ඊට තමාට බලපත්‍රයක් හිමිව ඇති බවත්ය.
එහෙත් පොලීසිය කියාසිටියේ එවැනි ගබඩාවක් පවත්වාගෙන යාමට මෙම පුද්ගලයාට කිසිදු අවසරයක් නොමැති බවයි. මෙරට ආරක්ෂක අමාත්‍යංශය විසින් කිසිවිටක අනුමැතිය ලබා නොදෙන පොටෑසියම් පර්ක්ලොරේට් නමැති පුපුරණ ද්‍රව්‍ය විශේෂය මෙම ගබඩාවේ තිබී ඇති අතර ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට ද ආරක්ෂක හා පරීක්ෂණ අංශවල අවධානය යොමුව තිබේ.
වීඩියෝව පහතින්....
No comments:
Post a Comment