රටවල් තුනකට අයත් යුද නෞකා 04ක් මේ වනවිට කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙන බව වාර්තා වේ. ඒ අමෙරිකාව, ඕමානය සහ ජපානය යන රටවලට අයත් නෞකායි.
අමෙරිකානු නාවික හමුදාවට අයත් නිව් ඔර්ලීන්ස් යුද නෞකාව ලංකාවට පැමිණ ඇත්තේ දින 06ක සංචාරයක් සඳහාය. රාජකීය ඕමාන් නාවික හමුදාවට අයත් බසාබ් නෞකාව ද මේ අතර වන අතර එය ඊයේ (24) කොළඹ වරායට පැමිණ ඇත්තේ සැපයුම් අවශ්‍යතා සඳහාය. එය 27වන දින පිටත්ව යාමට නියමිතය.

මීට අමතරව ජපානයට අයත් ඉනසුමා සහ සුසුට්සුකි යන නෞකා දෙක කොළඹ වරයාට පැමිණ ඇත්තේ දෙරට අතර සුහදතාව වර්ධනය කරගැනීමට සහ සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණිනි. නාවික හමුදාව ප්‍රකාශ කළේ එම නෞකාව අද (25) දිනයේ දී පිටත්ව යාමට නියමිත බවයි.
No comments:
Post a Comment