කිරිඇල්ලට උපදේශකයින් 62යි.. මාසික වැටුප ලක්‍ෂ 31යි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 25, 2016

කිරිඇල්ලට උපදේශකයින් 62යි.. මාසික වැටුප ලක්‍ෂ 31යි..

මහාමර්ග හා උසස් අධ්‍යාපන ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් මාසිකව රුපියල් 50,000ක වැටුපක් ගෙවමින් උපදේශකයන් 62ක් බඳවාගෙන සිටීම ගැන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කරන්නේ යයි දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

මෙම පත්වීම්ලබා දීම තුලින් ඇමතිවරයා රාජ්‍ය මුදල් අවභාවිතයේ යොදවන බවද ඔහු සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී විමසද්දී ඔහු කියා සිටියේ එජාපයට පසුගිය මැතිවරණයට උදවු කල පුද්ගලයින්ට සැලකීමට මෙම තනතුරු ලබා දුන් බවයි.

මෙම උපදේශකයින්ට වැටුප් ගෙවීම සඳහා අවම වශයෙන් මාසිකාව රුපියල් ලක්‍ෂ 31ක් වැයවෙයි. වසරකට නම් රුපියල් කෝටි හතරකට අධිකය.

No comments:

Post a Comment

Post Bottom Ad