විශ්වාසභංගය පරාජය වීම ගැන මැති ඇමතිවරු කියන කතා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

විශ්වාසභංගය පරාජය වීම ගැන මැති ඇමතිවරු කියන කතා (VIDEO)

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙනා විශ්වාසභංග යෝජනාව ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අතර එය වැඩි ඡන්ද 94 කින් පරාජයට පත් වූ අතර ඒ අනුව විශ්වාසභංගය පරදා මුදල් අමාත්‍යවරයා ජයගනු ලැබීය.

විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටවීමට පෙර පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු ඒ සම්බන්ධව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය. එහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා," අද පැහැදිලි වුණා ආණ්ඩුවට තුනෙන් දෙකක ශක්තියක් පාර්ලිමේන්තුව තුළ නෑ කියලා. ඒ ඉරිතැලීම සිදුවීමට හේතුවුණේ මේ විශ්වාසභංග යෝජනාව" බව කියාසිටියේ ය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියාසිටියේ, " ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියත් මුදල් අමාත්‍යවරයා විසින් ගෙන තිබෙන ක්‍රියාමාර්ගත් මේ රටටත්, ජනතාවටත් ඉතාම අහිතකරයි. අප මුදල් අමාත්‍යවරයාට එරෙහිව ගෙනත් තිබෙන විශ්වාසභංග යෝජනාවට සහය පළකරා. " බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අදහස් දක්වමින් ප්‍රකාශකළේ මෙම සිදුවීම මස 9ක ආණ්ඩුවක් ලබාගත් බරපතල පරාජයක් බවත් මේ හේතුවෙන් මෙතෙක් කල් සුරැකි තුනෙන් දෙකේ බලය ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ බවත් ය.

එම වීඩියෝව පහතින්...



No comments:

Post a Comment

Post Bottom Ad