පසුගියදා කොස්ගම සලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීම හමුදා සෙබළුන්ගේ නොසැලකිල්ල මත සිදුවූවාද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට යන බව තමාට දැනගන්නට ලැබුණු බවත් දැඩි ආතතියකින් පසුවන හමුදා සෙබළුන්ව එලෙස පරීක්ෂණයන්ට යොමුකිරීමට වර්තමාන ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී ය. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “ තමන්ට ඉතා අශීලාචාර ලෙස බැණවදින අයට තමන්ගේ කඳවුරට ආරාධනා කරලා සංග්‍රහය කරන්න කියලා හමුදාවට නියෝග ලැබෙනවා. තමා සමඟ එක්ව සටන් කළ යුධ සඟයන් අද හිර කඳවුරුවල දුක් විඳිනවා.
අපේ රණවිරුවන් දැඩි පරිශ්‍රමයක් දරලා අත්අඩංගුවට ගත් ඉතාම භයානක කොටි නායකයින් නිදහස් කරමින් සිටිනවා. “ යි කියාසිටියේ ය.
වැඩිදුරටත් අදහස් දැක්වමින් ගම්මන්පිල මහතා කියාසිටියේ පෙර කී හේතූන් මත රණවිරුවන් දැඩි සිත් තැවුලකින් සහ මානසික ආතතියකින් පෙළෙන බැවින් ඔවුන් ඒ තත්ත්වයට පත්කළ වර්තමාන ආණ්ඩුවට රණවිරුවන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට කිසිදු අයිතියක් නොමැති බවයි.
වීඩියෝව පහතින්,
No comments:
Post a Comment