Update3 : තලංගම තිදෙනෙකුට මරු කැඳවූ බෝම්බ ප්‍රහාරයේ CCTV දර්ශන.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

Update3 : තලංගම තිදෙනෙකුට මරු කැඳවූ බෝම්බ ප්‍රහාරයේ CCTV දර්ශන..

තලංගම පොලීසියේ පිටුපස පාරේදී ඇතිවූ බෝම්බයක් පිපිරීයාමට අමතරව එම ස්ථානයේ තිබූ තවත් බෝම්බයක් බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් නිෂ්ක්‍රීය කර තිබේ.

කාන්තාවකට සිදුකළ අයුතු යෝජනාවක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව එය විභාග කිරීමට කැඳවා සිටි කණ්ඩායමක් විසින් මෙම පිපිරීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පහළ කරනු ලබයි.

පුපුරා ගිය බෝම්බය නිසා තිදෙනෙකු මියගොස් තිබෙන අතර, තුවාල ලබා තවත් අයෙකු රෝහල්ගත කර ඇත. තලංගම පොලිසිය අසල අත්බෝම්බය පුපුරවා හැර ඇත්තේ ප්‍රදීප් තුෂාර පෙරේරා නැමැති හිඹුටාන ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එහිදී මරණයට පත්ව ඇත්තේ 41වියැති බුද්ධිකා නීල නයනි නැමැත්තිය සහ සිරිමතී වල්පොළ නැමැති 74 වියැති කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad