මහමග ගමන් කරමින් සිටි තරුණියකට අබ සරණයි කියා සරදම් කළ පුද්ගලයෙකුව පොලීසියට රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදුන් අලුත්ගම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයෙකු ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයෙකුට විවෘත අධිකරණයේදී එම පුද්ගලයාගෙන් සමාව අයැදින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) නියෝග කළේය.
2014 සැප්තැම්බර් 23 වැනිදා අලුත්ගම දර්ගා නගරයේදී එකී සරදම කළ මොහොමඩ් මව්ජුඩ් මොහොමඩ් අස්මි හෙවත් තම්බි නමැත්තාගෙන් සමාව ගන්නා ලෙසට පොලිස් පරීක්ෂක එම්. ලසිත නමැත්තාට එලෙස නියෝග කෙරුණි.
එම පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් හා විනිසුරු බුවනෙක අලුවිහාරේ යන මහත්වරුන් හමුවේදී ඊයේ (14) කැඳවිණි.
එහිදී වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් පෙත්සම්කරුගෙන් සමාව ලබාගෙන නඩු කටයුත්ත අවසන් කිරීමට තම සේවාදායකයා සූදානම් බව විනිසුරු මඩුල්ලට දන්වා සිටියේය.
විත්තියේ එම යෝජනාවට පෙත්සම්කාර පාර්ශ්වයෙන් ද එකඟතාවය ලැබුණෙත් විත්තියේ ඉල්ලීමට අනුව පෙත්සම්කරුගෙන් සමාව ලබා ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල්ල වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළේය.
ඒ අනුව පෙත්සම්කරු අසලට ගිය පොලිස් පරීක්ෂකවරයා නිසි පරිදි සොයා බැලීමකින් තොරව අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ගොස් සිදුකළ පහරදීම ගැන තමා කනගාටු වන බවත් ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවත් සිංහල ක්‍රමයට දෑත් එක්කර ආචාර කරමින් පෙත්සම්කරුගෙන් ඉල්ලා සිටියේය.
පසුව එම නඩු කටයුත්ත අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදී.

No comments:
Post a Comment