ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික සංගීත උළෙලට ශ්‍රී ලාංකීය තරුණයින් දෙදෙනෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික සංගීත උළෙලට ශ්‍රී ලාංකීය තරුණයින් දෙදෙනෙක්

ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික සංගීත උළෙලවන "Tomorrowland ජාත්‍යන්තර සංගීත උළෙල" නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකීය Dj සංගීත ශිල්පීන් දෙදෙනෙකුට හිමිව තිබේ.

ජෙරාඩ් සහ දිල්ෂාන් නමැති මෙම තරුණ සංගීත ශිල්පීන් දෙදෙනා "SELECTRO" නමැති වේදිකා නාමය යටතේ මෙම උළෙල නියෝජනය කිරීමට නියමිතව ඇත. Tomorrowland ජාත්‍යන්තර සංගීත උළෙල සඳහා ලොව දස දෙසින් Dj ශිල්පීන් 200ක් පමණ සහභාගිවන අතර එහි ශ්‍රී ලාංකීය නියෝජනයක් සිදුවන පළමු අවස්ථාව මෙය වේ.

එමෙන්ම මීට දකුණු ආසියාවෙන් එම උළෙල නියෝජනය කරන දෙවන අවස්ථාව ද මෙයවන අතර මීට පෙර දකුණු ආසියාවෙන් එම උළෙල නියෝජනය කර ඇත්තේ ඉන්දියානු ශිල්පියෙකු පමණක් බව වාර්තා වේ.

බෙල්ජියමෙහි පැවැත්වෙන මෙම උළෙලෙහි ජූලි මස 22වැනි දින රාත්‍රියේ SELECTRO නමැති මෙම ලාංකිකයින් යුගලය දස්කම් දැක්වීමට සූදානමින් සිටින අතර මෙම උළෙල සඳහා වූ ටිකට්පත් ලක්ෂ 10ක් මේවන විට ද විකිණී අවසන් බව පැවසේ.

SELECTRO විසින් නිර්මාණය කරන ලද Remix නිර්මාණයක් පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad