කොස්ගම කඳවුරේ සිද්ධිය ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 7, 2016

කොස්ගම කඳවුරේ සිද්ධිය ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් හෙළිදරව්වක්

කොස්ගම කඳවුරේ සිද්ධිය ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් හෙළිදරව්වක්
කොස්ගම, සාලාව හමුදා කඳවුරේ ගිනි නිවීමේ අභ්‍යාසයක් සිදුකරන අතරතුර එම ගින්න හටගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අද (07) පැවැති මාධ්‍ය හමුවකදීය. හදිසි ගිනි ගැනීමකදී ක‍්‍රියාකරන ආකාරය පිළිබඳ පෙරහුරුවකදී හෝ ගිනි නිවීම සඳහා ස්ථාන ගත කර ඇති උපකරණ පරීක්ෂාවකදී හෝ කොස්ගම සාලාව කඳවුරේ පතරොම් ගබඩාව තුළ ගින්නක් ඇතිවූ බවට සැකයක් පවතින බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය. 

කෙසේ වෙතත් මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාව මගින් නිවරැදිව නිගමනය කිරීමේ හැකියාව පවතින බව හෙතෙම සඳහන් කළේය. එසේම ආයුධ හා පතොරම් ගබඩා ඇති හමුදා කඳවුරු ජනශුන්‍ය ප්‍රදේශවෙත ගෙන යෑම සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් සැලැස්මක් ඉල්ලා තිබුණද මේ දක්වා එවැනි වාර්තාවක් තමා අතට නොලැබුණු බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

එවැනි වාර්තාවක් ලැබුණේ නම් ඒ අනුව කටයුතු කිරීමට හැකියාව තිබුණු බවත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධව උපදෙස් ලබාදෙමින් වාර්තාවක් ඉල්ලා ඇති බවත් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

මාස කිහිපයක් ඇතුළත කැබිනට් අනුමැතිය ලබාගනිමින් දැනට තිබෙන සම්පත් උපයෝගි කරගෙන එය ක්‍රියාවට නංවන බවත් කොස්ගම, සාලාව හමුදා කඳවුරේ පිපිරීමෙන් හමුදා සෙබළෙකු මියගොස් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙන බවත් එම අවස්ථාවේදී කඳවුර තුළ සිටි ඉතිරි සෙබළුන් සියලු දෙනාට අනතුරුවලින් වැළකී සිටීමට අවස්ථාව ලැබී තිබුණු බවත් ඔහු පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad