කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරායාමෙන් පසු සාලාව ප්‍රදේශයෙන් වසා දැමුණු කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය යළි විවෘත කර තිබේ.
අවදානම පහව ඇති බැවින් මාර්ගය යළි විවර කළ බව මේජර් ජෙනරාල් චානක ගුණතිලක මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර සාලාව කඳවුර අසල පැවති මාධ්‍ය හමුවකදී ය. ඒ අනුව අද පස්වරු 7.35ට පමණ සාලාව කඳවුර ඉදිරිපිට පාර විවෘත කළ බව මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා කියයි.
ආරක්ෂාව තහවුරු කර ඇති බවද ඔහු පැවසීය. කැඩී ගිය නිවාස දෙමාසයක් ඇතුළත සාදා අවසන් කරන බවත් මාධ්‍යවේදීන්ට කඳවුර පෙන්වන බවත් මේජර් ජනරාල්වරයා සඳහන් කළේය. පිපිරීම සිදුවෙද්දී සෙබළුන් 450ක් පමණ කඳවුරේ සිටි බවත් ඔවුන් ආරක්ෂක පියවර ගත් නිසා ජීවිත හානි අවම වූ බවත් මේජර් ජනරාල් කීවේය.
අවතැන්වූවන්ගෙන් 60%ක් දැනටම සිය නිවාසවලට පැමිණ ඇතැයිද 40%ක ගේ නිවාස සියල්ල දෙමාසයකින් ඉදිකර අවසන් කරන බවද මේජර් ජනරාල්වරයා පැවසී ය.

No comments:
Post a Comment