මැලේසියාවේ රයානි එයාර් ගුවන් සේවය ඊයේ (13) සිට වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. මෙම ගුවන් සේවය ශරියා සම්ප්‍රදායන්ට අනුකූල මැලේසියාවේ පළමු ගුවන් සේවය විය.
ගුවන්සේවා නීතිරෙගුලාසි උල්ලංඝනය කිරීමේ හේතුව මත මැලේසියානු බලධාරීන් මෙම පියවර ගෙන තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේ දී රයානි එයාර් ගුවන් සේවය හඳුන්වා දෙනු ලැබූ අතර ගුවන් කාර්ය මණ්ඩලයේ මුස්ලිම් ජාතික සාමාජිකාවන් හිජාබ් ඇඳුමින් සැරසීම අනිවාර්ය වීමත්, වෙනත් ජාතික සාමාජිකාවන්ට සිරුර පෙනෙන ඇඳුම් තහනම් වීමත් මෙම ගුවන් සේවයේ ප්‍රධාන ලක්ෂණයක් විය.
එසේම මෙහි සපයනු ලබන සියලූම ආහාර හලාල් ඒවා වූ අතර මත්පැන් පිළිගැන්වීම තහනම් විය. මෙම ගුවන් සේවය සම්බන්ධයෙන් ගුවන් මගීන් ගණනාවකගෙන්ම පැමිණිලි ලැබී තිබුණු බව මැලේසියානු ගුවන්සේවා අධිකාරිය ප්‍රකාශ කරනවා. නිරන්තර ප්‍රමාදවීම් හා අවසාන මොහොතේ ගුවන් වාර අවලංගු කිරීම් ඒ අතර ප්‍රධාන වේ.
Tuesday, June 14, 2016
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
නීති රෙගුලාසි උල්ලංඝනය කළ හලාල් ගුවන් සේවය වසාදැමේ
Tags
# එතෙර පුවත්
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment