එංගලන්තයට හොඳ උදෑසනක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

එංගලන්තයට හොඳ උදෑසනක්

ශී‍්‍ර ලංකා පිතිකරුවන් දෙවැනි දිනයේ කළ වෙහෙසකර ව්‍යායාමයේ ප‍්‍රතිඵල සහමුලින්ම බල රහිත කළ එංගලන්ත පන්දු යවන්නෝ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (11 වැනිදා) දිවා ආහාරයට පෙර පිතිකරුවෝ පස්දෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යැවූහ. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 218 ක් ලබා සිටියේය.

තහනම් උත්තේජක චෝදනාවෙන් මිදී පළමු වරට අන්තර්ජාතික පිටියට පිවිසි කුසල් පෙරේරා ඉක්මනින්ම කිසිදු පැකිළීමකින් තොරවම සිය සුපුරුදු ඩ‍්‍රයිව් පහර කරා ගියේය. ස්ටීවන් ෆින්ට හතරේ පහර දෙකකින් සංග‍්‍රහ කිරීමට කුසල් පසුබට නොවීම නිසා මෙම ටෙස්ට් තරගාවලියේ පළමු වතාවට පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට ලැබිණ.

දෙවැනි දිනය සන්ධ්‍යාවේදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 162 ක් ලබා මහත් සැනසීමෙන් නින්දට ගිය ශී‍්‍ර ලංකා පිතිකරුවෝ අද උදෑසනම භයානක සිහිනයකට මුහුණ දුන්හ. අද උදෑසන තරගය ආරම්භ වී යැවුණු දෙවැනි ඕවරයේ පළමු පන්දුව කුසල් මෙන්ඩිස්ගේ පා ඉන්න සොයා ඇදී යද්දී ඔහුගේ පා ආවරණය ඊට හරස් වූ නමුත් විනිසුරුවරයාගෙන් ගැලවීමක් නොවීය. කි‍්‍රස් බ්‍රෝඞ්ගේ ඉතාමත් හොඳ පන්දුවක් හමුවේ කෞෂාල් සිල්වා දැවී යාමත් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවී යාමත් අතර යැවුණේ පන්දු 20 ක් පමණි.

තරගය ආරම්භ වී ලකුණු 10 ක් ලබාගැනීමට පෙරම කඩුලූ 3 ක් බිඳවැටුණු අතර ඊයේ සවස කඩුල්ලේ රැඳී සිටි පිතිකරුවන් දෙදෙනාටම තමන්ගේ පෙරදින ලකුණු සංඛ්‍යාවට එකම ලකුණක් හෝ එක්කළ නොහැකි විය. පන්දු යවන්නන්ට ඉතාමත් අවාසිදායක තණතීරුවක් මත වුවද ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා වලින් ස්ටීවන් ෆින් සාර්ථක ප‍්‍රතිඵල නෙළාගත්තේය.

දෙවැනි දිනය අවසන් වන විට ලකුණු 31 කට කඩුල්ලක් දවාගෙන සිට ස්ටීවන් ෆින් තමන්ගේ ප‍්‍රාන්ත කී‍්‍රඩා සමාජ පිටියේදී අද දිවා ආහාරය ගැනීමට ගියේ තවත් කඩුලූ දෙකක්ම සිය මල්ලට ඔබා ගනිමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad