හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඔහු තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානීන් සහ පොලිස්පතිවරයා නම් කර තිබිණි.
බැසිල් රාජපක්ෂ මහතා අදාළ පෙත්සම ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවසා ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ තමන්ට එරෙහිව අධිකරණ කිහිපයක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කරුණු වාර්තා කර ඇති බවයි.
එමෙන්ම සාවද්‍ය කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කර තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම් වන බවට ද අදාළ පෙත්සම මගින් කරුණු දක්වා ඇති බව වාර්තා වේ.
අදාළ පෙත්සම අද (08) අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලක් හමුවේ සලකා බැලුණු අතර දීර්ඝ කරුණු සළකා බැලීමකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කොට ඇත්තේ අදාළ පෙත්සම පවත්වාගෙන යාමට තරම් නීතිමය පදනමක් නොමැති බවයි. ඒ හේතුවෙන් එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය තීරණය කොට තිබේ.
Wednesday, June 8, 2016
බැසිල්ගේ පෙත්සම ඉවතට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment