වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා ඉල්ලා අස්වීමට හේතුව කිසිදු දේශපාලන බලපෑමක් නොවන බව වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අවධාරණය කරයි.
මෙම සිද්ධිය තමන්ට සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ද අපහාස වන ලෙස ඉදිරිපත් කර ඇති බවත්, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ දැනුම් දීමකට අනුව පසුගිය දා සිදුවූ වැටලීම සිද්ධ කළ බවත්, එම වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් සමඟ වනජීවී නිළධාරීන් සම්බන්ධ වී සිදු කළ බවත් ඔහු පෙන්වා දෙයි.
ඊයේ දිනයේදී සමාජ වෙබ් අඩවි හරහා වනජීවී අමාත්‍යවරයා යාල උද්‍යාන භාරකරු පාර්ලිමේන්තුවට කැඳවා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් සමාව ගන්නා ලෙස ප්‍රකාශයක් කළේ යැයි ප්‍රචාරය වන බැවින්, එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත්, එසේ ප්‍රකාශයක් සිදු කළේ නම් එම ප්‍රකාශය කළේ යැයි සාක්ෂි සහිතව මාධ්‍ය ඉදිරියේ දී විවෘත අභියෝගයකට පැමිණිය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුමිත් පිලපිටිය මහතා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීමට හේතුව පසුගිය සතියේ දී අධිකරණය විසින් අත්අඩංගුවට පත්වූ අලින් නැවත එම භාරකරුවන්ට භාර දෙන්නැයි දුන් තීත්දුව සම්බන්ධයෙන් කළකිරීමෙන් බව ද හෙතෙම සඳහන් කළේය. එසේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට භාර දුන්න ද තවමත් අමාත්‍යවරයා විසින් එය භාර ගෙන නොමැත.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තමන්ගේ ඡන්ද පදනම ද නොසළකා වනජීවී ලෝලියෙක් ලෙසට දඩයම්කරුවන් සහ නීති විරෝධී වනජීවී ජාවාරම්කරුවන් පිළිබඳ විවිධ තොරතුරු පුද්ගලිකව ලබා දෙන බවත්, එතුමන් විශේෂ කාර්ය බලකාය යොදවා වැටලීම් කොට පසුගිය කාලයේ දී වනජීවී ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත්, රජය සහ යහපාලනයේ නියලී සිටින අමාත්‍යවරුන් අපහසුතාවයට පත් කිරීමට සැලසුම් කරන කණ්ඩායම් විසින් මෙම ප්‍රචාරයන් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
Wednesday, June 8, 2016
වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ඉවත් වීමට හේතුව දේශපාලන බලපෑමක්?
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment