විමල් රාවනා බලයට රජයේ වාහන දුන් හැටි මෙන්න. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

විමල් රාවනා බලයට රජයේ වාහන දුන් හැටි මෙන්න.

රාවනා බලය නැමති සංවිධානේ මහ ලේකම් ලෙස කටයුතු කරණ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කිරීමට පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේදි රජයේ රථවාහන ලබා දී ඇති බව ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ මුදල් ඇමති වරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගය යෝජනාව සම්බන්ධ විවාදයට එක් වූ හරීන් ප්‍රනාන්දු මහතා සභාගත කළ වාර්තාවකිනි. එම වාර්තාව අනුව එවකට නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමල් වීරවංස එම අමාත්‍යාංශය සතු වාහන තුනක් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් වෙත ලබා දී ඇත.



එම වාහන තුණ මසකට රුපියල් හතලිස් පන්දහස බැගින් වූ කුලී පදනම මත ලබාගෙන ඇති බවත් එ් සඳහා මාසිකව ලක්ෂ තුනහමාරකට අධික මුදලක් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යාංශය මගින් වියදම් කර ඇති බවත් අනාවරණය විය. එම වාහන තුණම සඳහා ඉන්ධන සපයා ඇත්තේද අමාත්‍යාංශය මගින් බවද වැඩිදුරටත් වාර්තා වේ.


රජයේ රථවාහනවාහන සිය ඥාතීන්ට, පක්ෂ ක්‍රියාකාරීන්ට හා හිතවතුන්ට ලබා දීම සම්බන්ධයෙන් හා ඔවුන් සතු පුද්ගලික වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට කුලියට දී එම වානහන නැව ඔවුන්ම භාවිතා කිරීම සම්බන්ධයෙන්ද විමල් වීරවංසගේ ඥාතීන්ට, පක්ෂ ක්‍රියාකාරීන්ට හා හිතවතුන්ට මේ වනවිටත් චෝදනා එල්ලවී ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad