නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු සම්පුර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන්කළේ විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව මෙවර නව අධ්‍යයන වර්ෂය සඳහා අන්තර්ජාලය ඔස්සේ සිසුන් 25,000කට වැඩි පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් පත්‍ර යොමුකර ඇති බව වාර්තා වේ. 2015 වසරේ සිට මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ අතර 2017 වසරේ සිට විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම්පත් යොමුකිරීම ද අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදුකිරීමට සැලසුම් කර ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන්කළේ නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට ඉල්ලුම්පත් යොමුකර ඇති සිසුන්ට තමන් තේරී පත් වී ඇති විශ්වවිද්‍යාලය සහ පාඨමාලාව පිළිබඳව ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බවයි.
ඒ අනුව සියලුම සිසුන් අන්තර්ජාලය ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි වීම සිදුකළ යුතු අතර මේ වසරේ නොවැම්බර් මාසය වන විට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
Tuesday, June 7, 2016
සරසවියට ලියාපදිංචිය අන්තර්ජාලයෙන්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment