පසුගියදා දිවයින ඉරිදා පුවත්පත විසින් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව පළ කොට තිබූ ව්‍යාජ ප්‍රවෘත්තිය සහ අවලාද සහිත ලිපිය පිළිබඳව පුවත්පත් පැමිණිලි කොමිසමේ පරීක්ෂණය ඊයේ (07) පවත්වා තිබේ.
පැමිණිල්ලේ විභාගය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා, නීතිඥ සුනිල් වටගල මහතා සහ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පැමිණිලි පාර්ශවය වෙනුවෙන් සහභාගි වී ඇති අතර ප්‍රවෘත්තිය රචනා කළ ජනිත සෙනෙවිරත්න මාධ්‍යෙව්දියා සහ ඔහුගේ නීතිඥයා චෝදනාවට ලක්වූ පාර්ෂවය වෙනුවෙන් පෙනී සිට ඇත.
එහිදී පුවත්පත් පැමිණිලි කොමිසම දිවයින පුවත්පතට නිර්දේශයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ අදාළ පුවත්පත සදාචාරයට පටහැනිව කටයුතු කොට ඇති නිසාවෙන් ජවිපෙ ප්‍රකාශ කරන ආකාරයෙන් ප්‍රවෘත්තිය නිවැරදි කොට යළි පළකිරීමටත් අවලාද සහිත ලිපිය වෙනුවෙන් කණගාටුව පළකිරීමක් හෝ සමාව ඉල්ලීමක් සිදුකරන ලෙසටත් ය.
පුවත්පත් පැමිණිලි කොමිසම විසින් එම තීරණය ගැනීම සඳහා පුවත්පතට කල් ලබා දී ඇති අතර එම පැමිණිල්ල යළි විභාග කිරීම මෙම මස 26වෙනිදාට සිදුකරන බව ප්‍රකාශ කොට තිබේ.
Wednesday, June 8, 2016
ජවිපෙ පුවත ගැන 'දිවයින'ට නිර්දේශ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment