ශ්‍රී ලංකා පිළෙන් ශක්තිමත් ආරම්භයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

ශ්‍රී ලංකා පිළෙන් ශක්තිමත් ආරම්භයක්

සංචාරක ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලෝඩ්ස් පිටියේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ (10) නිමා වන විටදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 162 ක් ලබා ස්ථාවර මට්ටමක පසු විය. 

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි කෞෂාල් සිල්වා ලකුණු 79 ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 25 ක්ද රැස් කරගෙන සිටියහ. ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය එකම කඩුල්ල වූ දිමුත් කරුණාරත්න සිට අටවැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කිරීමට සමත් වූ අතර ඔහු කෞෂාල් සිල්වා සමගින් එක්වී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 108 ක සබඳතාවක් ගොඩනැගී ය.

දිනය ආරම්භ කරනා විටදී කඩුළු 6 ක් දැවී ලකුණු 279 ක් රැස් කරගෙන සිටි එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 416 ක් රැස් කළහ. ජොනී බෙයාස්ටෝ සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නොදැවී ලකුණු 167 ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් රංගන හේරත් කඩුළු 4ක් බිඳ හෙලී ය. තරගයේ දිවා ආහාරයෙන් පසු නැවතත් ආරම්භ කරනා විටදී හිටපු බොක්සිං ලෝක ශූර අභාවප්‍රාප්ත මොහොමඩ් අලි වෙනුවෙන් මිනිත්තු 5 ක නිශ්ශබ්දතාවක්ද ක්වමින් ක්‍රීඩකයින් සිය ගෞරවය පුද කිරීම විශේෂත්වයකි.

අද (11) තරගයේ තෙවැනි දිනයයි.

No comments:

Post a Comment

Post Bottom Ad