පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයත් වර්ෂා සහිත කාලගුණයත් සමඟ කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය වැඩිවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා ප්‍රකාශකළේ පසුගිය වසරට සාපේක්ෂව ඇතැම් ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තාවීම 20%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අතරින් බටහිර කොළඹ, නැගෙනහිර කොළඹ, කිරුළපන සහ පාමංකඩ යන ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වී ඇති බව ද සඳහන් වේ. ඊට අදාළව ඩෙංගු මදුරුවන් මර්දනය කිරිම වැඩපිළිවෙළක් ලබන 16 සහ 17 යන දෙදින කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට මහ නගර සභාව කටයුතු සැලසුම් කර තිබේ.
මේ අතර 2016 වර්ෂයේ ගත වූ මාස 6 ඇතුළත දී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 18613ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත. ඒ අතරින් ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 49.54% ක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාත තුළය.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන්කළේ මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බවයි.

No comments:
Post a Comment