දෙහිවල ෆ්රේසර් පාරේ දී සැක කටයුතු කාර් රථයක් පොලිසිය විසින් නතර කිරීමට ගත් උත්සහයකදී එම රථය අණ නොතකා ධාවන වීම හේතුවෙන් රෝදවලට වෙඩි තබන්නට පොලිසිය කටයුතු කළා. එහිදී එම සැක කටයුතු කාර් රථය පොලිස් වෑන් රියක්ද අනතුරට ලක් කරමින් තවදුරටත් ධාවනය වී තිබෙනවා.
ලැබුණු ඔත්තුවක් අනුව පොලිසිය මාර්ගයේ රැක හිඳ රථය නැවතීමට සූදානම් ව හිඳ තිබෙනවා. පොලිස් අණ නොතකා ධාවනය වූ කාර් රථය පිටුපස හඹා යෑමට පොලිස් රථයක්ද කටයුතු කර ඇති අතර සැකකරුවෙකු බසයකට නැග සිටිද්දී ඔහු අල්ලා ගත් බවයි පොලිසිය පැවසුවේ. කාර් රථයේ රියදුරා පළාගොස් ඇතැයිද පොලිසිය සඳහන් කළා.
එහිදී අල්ලා ගත් සැකකරු ළඟ තිබී රුපියල් ලක්ෂ 30 ක හෙරොයින් මත්කුඩු ද මුදලින් රුපියල් ලක්ෂ හතක් ද විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරම් තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම සැකකරු සමන්ත පෙරේරා නොහොත් චූවා සමන්ත නැමැත්තෙකු බවයි අනාවරණය වී ඇත්තේ.
Wednesday, June 8, 2016
දෙහිවලදී පාතාලය සමග පොලිසිය ගැටෙයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment