අනියම් පෙම පිළිනොගත්තැයි උරණ වූ තරුණයකු එක්දරු මවකට 17 පලකට පිහියෙන් ඇනීම නිසා බරපතළ තත්ත්වයේ පසුවන ඇය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට ඇත.
නෝර්ටන්බ්රිඡ් පොලිස් වසමේ පදිංචි (29) හැවිරිදි විවාහක එක්දරු මවකට මෙසේ පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කොට ඇත්තේ 28 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
තුවාල ලත් කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ පෙදරේරු රැකියාවක නිරත වන අතර නිවසේ සිටින ඇය සිය දරුවා පාසලෙන් රැගෙන ඒමට යමින් සිටියදී මෙම ඉරණමට ගොදුරු වී තිබේ.
ආදරය සම්බන්ධ ඇයගේ ප්‍රතිචාර නොඉවසූ මෙම තරුණයා පිටු පසින් ගොස් ඇයට පිහි පහර එල්ල කොට ඇති බව අනවරණය වී ඇත. බරපතළ තුවාල ලැබූ ඇය ලක්ෂපාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය රෝහල් පොලිසියේ (33848) ජයසිංහ මහතා නෝටර්බ්රිඡ් පොලිසිය වෙත සිද්ධිය දන්වා ඇති අතර නෝටන්බ්‍රිඡ් පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
Wednesday, June 8, 2016
අනියම් පෙමක් ඉල්ලා තරුණ මවකට දාහත් පාරක් පිහියෙන් ඇන්න උමතු අනංගයා
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment