යුක්රේන දේශසීමාවේදී අවි ආයුධ රැසක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබනවා.
ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිත යුරෝපා පාපන්දු තරගාවලියට ප්‍රහාර එල්ල කිරීමට සැළසුම් කළ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා විසි පස් හැවරිදි ප්‍රංශ ජාතිකයෙකු වන බව පසුව කරන ලද පරීක්ෂණ වලදී හෙළිවී තිබෙනවා. සැකකරු ප්‍රහාරය සදහා අවශ්‍ය අවි ආයුධ ඉතා සූක්ෂම අයුරින් සකස් කර වාහනයක පටවාගෙන යාමට සැරසෙන අවස්තාවේදී යුක්රේන හමුදාව විසින් අදාළ පුද්ගලයා අල්ලා ගන්න ආකාරය මෙම වීඩියෝ පටයේ සටහවී තිබෙනවා.
සැකකරු ප්‍රහාර පහලොවක් පමණ එල්ල කිරීමට සැලසුම් කර තිබු බවයි තවදුරටත් කරන ලද පරීක්ෂණ වලදී හෙළිවේ ඇත්තේ.මෙම පුද්ගලයා සමග පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 125ක පමණ ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගත් බවයි යුක්රේන ආරක්ෂක අංශ සදහන් කරන්නේ.
යුරෝ 2016 පාපන්දු තරගාවලියට අයි එස් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මීට පෙර ඔත්තු සේවා අංශ අනතුරු අගවා තිබුණා. කෙසේ නමුත් මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ අන්තවාදී දක්ෂිණාංශික මතධාරියෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
Tuesday, June 7, 2016
යුරෝපයේ ඊළඟ පිපිරුම 99න් බේරා ගැනේ (වීඩියෝ)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment