සාම්පූර් විද්‍යාලයේදී පසුගියදා වූ සිද්ධියට තමන් කනගාටුව පළ කරන බව නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා ප්‍රකාශ කර තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත ලිපියක් යවමින් ඔහු මේ බව පවසා තිබේ.
නිලධාරීන් සමාව ගැනීම රටක යහපැවැත්මට හොඳ ආදර්ශයක් බැවින් ඒ අනූව එදින එම ස්ථානයේ සිටි සියලු දෙනාගෙන්, අමෙරිකානු තානාපතිවරයා, පාසල් සිසුන් ඇතුළුව සිද්ධියට තුඩු දුන් නාවික හමුදා නිලධාරියාට කනගාටුව පළ කරන බවද ඔහු එම ලිපිය මගින් සඳහන් කර තිබේ.
කෙසේ වුවද මෙම සිද්ධිය මුල්කර ගනිමින් තමන් සහභාගිවන උත්සව වර්ජනය කිරීමට ත්‍රිවිද හමුදාව විසින් ගත් තීරණය දේශපාලනමය වශයෙන් ගත් තීන්දුවක් බැවින් තමන් එම තීරණය හෙළාදකින බවත්, ප්‍රධාන අමාත්‍යවරයා සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.
එම තීරණය ජනාධිපතිවරයා විසින් පවා තීන්දුවක් ගැනීමට පෙර ත්‍රිවිද හමුදාව විසින් ගත් තනි තීරණයක් ලෙස පෙනී යන බවත් එම සිදුවීම ගැන හමුදා ප්‍රධානීන් සීමිත කෝණයකින් බලා ඔවුන් අතර සිටින වැරදිකරුවන් ආරක්ෂා කර ගැනීම සුදුසු නොවන බවත් ඒ ගැන මීට වඩා පුළුල්ව සෙවිය යුතුව තිබූ බවත් ප්‍රධාන අමාත්‍යවරයා සිය ලිපිය මගින් අවධාරණය කර ඇත.

No comments:
Post a Comment