නිවේදිකාවකට අයුතු යෝජනාවක් කළ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්ට ආයෙමත් ලැබෙන්න යන දේ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 24, 2016

නිවේදිකාවකට අයුතු යෝජනාවක් කළ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්ට ආයෙමත් ලැබෙන්න යන දේ (VIDEO)

ක්‍රිකට් ලෝකයේ සුපිරි ක්‍රීඩකයෙකු වන ක්‍රිස් ගේල්ට බ්‍රිග් බෑෂ් ලීගය සඳහා නැවතත් ක්‍රීඩා කිරීමට හැකි බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානියා පවසා තිබෙනවා. පසුගිය වසරේ පැවැත්වුණ බිග් බෑෂ් තරගයක වීරයා වූ ක්‍රිස් ගේල් රූපවාහිනී නිවේදිකාවක් වන මෙල් මැක්ලෝලින්ට අයථා යෝජනාවක් කිරීම නිසා දැඩි කතාබහකට ලක්වුණා.

ක්‍රිස් ගේල් සිදුකළ එම අයථා යෝජනාව නිසා රූපවාහිනී නිවේදිකාව මහත් අපහසුතාවයකට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් මහතා පවසා තිබුණේ තමන්ගේ කාර්යාලය වැනි ක්‍රීඩාංගණයකදී එවැනි යෝජනාවක් කිරීම නොමනා ක්‍රියාවක් බවයි.

එම අවස්ථාවේදී ක්‍රිස් ගේල් සිටියේ රාත්‍රී සමාජශාලාවක් නොවන බවත් ඔහු පවසා තිබුණා. කෙසේ වෙතත් එම අයථා යෝජනාව නිසා ක්‍රිස් ගේල්ට දඩයක්ද පැනවූ අතර සදර්ලන්ඩ් මහතා සඳහන් කළේ තමන්ගේ කාර්යය ක්‍රීඩකයින් ඉවත් කිරීම නොවන බවත් ඒ ඒ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් කවුරුන්ද යන්න තීරණය කළ යුතු බවත්ය.

කෙසේ වෙතත් ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය තීරණය කර ඇත්තේ බිග් බෑෂ් තරගාවලිය සඳහා ක්‍රිස් ගේල්ව එකතු කර ගැනීමටයි.. මේ වසර අවසානයේදී ආරම්භ වන බිග් බෑෂ් ලීගය සඳහා සහභාගි වීමට ක්‍රිස් ගේල් බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad