දණහිසේ හටගත් ආබාධයක් නිසා පසුගියදා ලෝක කුසලානයේ ලංකාව වෙනුවෙන් ක‍්‍රීඩා නොකර පසුව මුදල් ලැබෙන අයිපීඑල් යන්නට උත්සාහ කර ඉන්දියානු වෛද්‍ය පරීක්ෂණ අසමත්වීම නිසා නැවත ලංකාවට පැමිණි ලසිත් මාලිංග අද කොළඹ නවලෝක රෝහලට ගොස් තිබුනේ
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව හමුවේ පෙනී සිටීම සඳහාය.
ඔහු සිදු කළ විවිධ ප‍්‍රකාශ නිසා ඔහු සම්බන්ධයෙන් මේ දිනවල ආන්දෝලනයක් හටගෙන ඇති නිසා අද ලසිත් මාලිංග රෝහලට යන අවස්ථාව හා එන අවස්ථාව ආවරණය කිරීමට සියලූම ප‍්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන උනන්දුවී තිබුණි. මාලිංග සුපුරුදු පරිදි සාමාන්‍ය ටීෂර්ටයකින් සැරසී රෝහල ඇතුළට ගියේ වටපිට නොබලාය. එසේ ගියේ දිගින් දිගටම ජංගම දුරකථනයේ කුමක් හෝ එස්එම්එස් එකක් කියවමිනි.
පරීක්ෂණයට පෙනී සිට නැවත ඔහු තනිව සිනාවෙමින් ආ අතර රෝහල් දොරටුව අසළදී ඔහුව වටකර ප‍්‍රශ්න අසන්නට මාධ්‍යවේදීන් කල් ඇතුව ලකලැහැස්තිවී සිටියා. ඔවුන් මයික් දිගුකර මාලිංගගෙන් ප‍්‍රශ්න විමසූ නමුත් මාධ්‍යවේදීන් කිසිවෙකු මාලිංගගේ දෑසට නොපෙනුණ සෙයක් දිස්විය. ඔහු අහක බලාගෙනම එතැන පසුකළේ කිසිවෙක් එතැන නොසිටි ගාණටය. මාධ්‍යවේදීන්ට ‘මට බැහැ’ වත් නොකියාය. අනතුරුව මිනිත්තු කිහිපයක් නවලෝක වෑන් රථය එනතුර පැත්තක සිටි ඔහු වෑන් රථය ආ පසුව පිටවී ඉගිළ ගියේය.
මාලිංග මාධ්‍ය මගහරිමින් හැසිරුනේ අමනාපවූ පෙම්වතියක පෙම්වතෙකු මගහරින පරිද්දෙනි. මින් කාලයකට පෙර ‘මිට කලින් මාව දැකල නැද්දැයි’ මාලිංග මාධ්‍යවේදීන්ගෙන් අසා සිටියේද ක‍්‍රිකට් ප‍්‍රශ්න නිසා කෝපයට පත්වූ කාලයකය. පසුව මාධ්‍ය කළ විමසීමේදී වෛද්‍යවරුන් පැවසුවේ මාලිංගට ඇත්තටම දණහිසේ ආබාධයක් පවතින බවත් සිරුරේ කැල්සියම් හා ප්‍රෝටීන ඌනතාවයක් නිසා හටගත් මෙය සුවකිරීමට මාස 4ත් අවුරුද්දත් අතර කාලයක් විවේක ගැන්වීමට අවශ්‍ය බවත්ය.
මාලිංග මාධ්‍ය මගහැරි ආකාරය ලයිව් ඇට් එයිට් වීඩියෝව පහතින්..
Thursday, April 21, 2016
නවලෝක රෝහලේදී මාධ්‍යවේදීන් සතපහකට ගණන් නොගෙන ලසිත් මාලිංග පිටව යයි (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment