කටුනායක සහ සීදූව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන පාතාල කණ්ඩායමක සාමාජිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සුදානම් වන අවස්ථාවේදී ඔහු වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ.
අද(21) අළුයම 1.00 ට පමණ ගොකරැල්ල පොලිස් බලප්‍රදේශයේ කුඹුක්ගැටේ - පහල මැදගම ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී තිබේ.
මියගොස් ඇත්තේ මානික්කුගේ සුමිත් දයාරත්න හෙවත් පොඩි සාගර ලෙස හඳුනාගෙන ඇති බව පොලීසිය කියයි.
කටුනායක, සීදුව ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන 04 ක්ද, 2006 වසරේදී ගම්පහ ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ජේලර්වරයෙකු ඝාතනය කිරීම ඇතුළු වෙඩි තැබීම් රැසක්ද, කප්පම් ගැනීම් ඇතුළු අපාරාධ ගණනාවකට සැකකරු සම්බන්ධ බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
මීගමුව කොට්ඨාසයේ නීතිය බලාත්මක කිරීමේ ඒකකය විසින් තමන් පිළිබඳව සොයා බලා තොරතුරු එක් රැස් කරන බව දැන ගෙන ඇති සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබේ. පසුව මෙම පුද්ගලයා කුඹුක්ගැටේ - පහල මැදගම ප්‍රදේශයේ අනියම් බිරිඳගේ නිවසේ සිටින බවට විමර්ශණ කටයුතු සිදු කරන නිලධාරීන්ට තොරතුරක් ලැබී ඇති අතර ඒ අනුව 20 වැනිදා රාත්‍රීයේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු සැඟවී සිටි නිවස වැටලීමට මීගමුව කොට්ඨාසයේ නීතිය බලාත්මක කිරීමේ ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇත.
එම අවස්ථාවේදී සැකකරු සතුව තිබී මිලි මීටර් 9.9 ප්‍රමාණයේ ගිනි අවියකින් වෙඩි තබා ගැනීම සිදු කර තිබේ. මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:
Post a Comment