පොලිස් දෙපාර්තමේන්තු නම වෙනස් කිරීමක් - නව පොලිස්පති කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 22, 2016

පොලිස් දෙපාර්තමේන්තු නම වෙනස් කිරීමක් - නව පොලිස්පති කියයි

පොලිස් දෙපාර්තමේන්තුව මින් ඉදිරියට ශ්‍රී ලංකා පොලීසිය ලෙස හඳුන්වන බවට නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශකළේ නව පොලිස්පතිවරයා පිිළිගැනිම සඳහා පොලිස් මූලස්ථානයේ පැවැති සම්මාන පෙළපාලියෙන් පසුව එහි සිටි පොලිස් නිලධාරීන් අමතමිනි.

ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන එකම රාජ්‍ය ආයතනය පොලීසිය බව සඳහන් කළ ඔහු නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින පොලිස් නිලධාරීන් ඒ නීතිය කඩයිනම් ඒ වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ද පැවැසීය.

එසේම පොලිස් නිලධාරීන් අයථා මාර්ග වලින් මුදල් ඉපයීම අත්හැරීම මත්ද්‍රව්‍ය වැටලීමේදී දුෂණයෙන් තොරවීම හා සිය චරිතය පිරිසිදුව පත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad