මහින්ද පිලේ මැයි රැළියට ශාලිකා ක‍්‍රීඩාංගනය අහිමි වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 22, 2016

මහින්ද පිලේ මැයි රැළියට ශාලිකා ක‍්‍රීඩාංගනය අහිමි වෙයි

මහින්ද පිල කිරුළපනේදී පවත්වන්නට යන මැයි රැලියේ ආරම්භක ස්ථානය වෙන් කර ගැනීමේදී සත්‍ය තොරතුරු නොපවසා ව්‍යජා ලෙස කටයුතු කිරීම නිසා මේ වනවිට මහින්ද පිල දැඩි අර්බුදයකට ගොස් ඇතැයි වාර්තා වේ.

ඔවුන් සිය මැයි රැලිය ආරම්භ කිරීමේ ස්ථානය ලෙස ප්‍රචාරය කරමින් සිටින ශාලිකා ක්‍රීඩාංගනය වෙන් කරගෙන ඇත්තේ වෘත්තීය සමිති සාකච්ඡාවක් සඳහා යැයි පවසමින් වන අතර එම නිසා එය වෙන්කර දී ඇත. කෙසේ නමුත් මේ වනවිට එය මැයි රැලියක ආරම්භක ස්ථානය ලෙස යොදා ගැනීමට කටයුතු කිරීම තුළ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එම වෙන්කර දීම අවලංගු කර ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලයේ පරිපාලනය යටතේ පවති එම ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසා ඇත්තේ එ ක්‍රීඩාංගනය පාසල් ළමුන්ගේ ක්‍රීඩා උත්සව සඳහාත් වෙනත් වැදගත් උත්සව සඳහාත් පමණක් බවයි. මැයි රැලියකට එය යොදා ගැනීමේදී ක්‍රිඩාංගනයේ භූමියට හානි සිදුවන බවත් ඔහු පවසා තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම,සත්‍ය තොරතුරු වසං කිරීම, කූඨ ලේකන සැකසීම මහින්ද පිලේ උපන් ගෙයි ලක්ෂණයක් බවය. මහින්ද පිල නි‍යෝජනය කරන මන්ත්‍රීවරුන් හා මැති ඇමතිවරුන් රාශියකට එම චෝදනාව ඇති බවත් ඔවුන් ජනතා දේපල අවභාවිතා කිරීම සඳහා එලෙස කටයුතු කර ඇති බවත් බොහෝ පිරිසකට එම චෝදනාව මත නඩු දමා ඇති බවත් ඔවූහු පෙන්වා දෙති.

හොර පාස්පෝට් සැකසීම, හොර උප්පැන්න සහතික සැකසීම, වාර්ශික ආදායම් වර්තාවල සත්‍ය තොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී චෝදනා ඔවුන්ට එල්ල වී ඇති බවද ඔවූහු පවසති.

එම නිසා ව්‍යජ තොරතුරු ලබා දෙමින් කටයුතු කිරීම දැන් ඔවුන්ගේ ශරීර ලක්ෂණයක් බවට පත්ව ඇති බැවින් එහි ප්‍රථිපළයක් ලෙස මෙලෙස ශාලිකා ක්‍රීඩාංගණය වෙන් කර ගැනීමේදීද ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති අතර අද එය ඔවුන්ටම පාරාවලල්ලක් බවට බවට පත්ව ඇති බව එම දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.


(LKtruth)

No comments:

Post a Comment

Post Bottom Ad