පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුතෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.
ඊයේ (21) සවස හලාවත -මැදවත්ත ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ හලාවත - මැදවත්ත පදිංචිකරුවන් වන ඩබ්ලිව්.නිහාල් ඩික්සන් දබරේරා සහ ඩබ්ලිව්.නෙල්සන් දබරේරා නම් දෙදෙනෙකි.
හලාවත මැතිවරණ බල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන විසින් සංවිධානය කරන ලද බක් මහ උළෙල ඊයේ හලාවත වෙරළ උද්‍යානයේදී පැවැත්වුණි. මෙම බක් මහ උළෙලේ ප්‍රධාන සංවිධායකයා සහ උපදේශකයා බවට පත්ව සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාය.
බක් මහ උළෙල පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුතා කිසියම් අවශ්‍යතාවයක් සදහා ජීප් රථයකින් හලාවත - ඉරණවිල මාර්ගයේ ගමන් කරමින් සිට ඇත. එම අවස්ථාවේදී ඉදිරියෙන් වෑන් රථයක්ද ගමන් කර ඇත.
එම වෑන් රථය තම ගමනට බාධා කළේ යැයි උරණ වී ඇති මන්ත්‍රී පුතා මෙම පහර දීම සිදු කර ඇති බව පොලීසිය පවසයි. සැකකරු හදුනා ගෙන ඇතත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
පුත්තලම - ජුඩ් සමන්ත

No comments:
Post a Comment