උතුරේ දෙමළ ජනතාව ඊ.පී.ඩී.පී.සංවිධානය ප්‍රතික්ෂේප කිරීම දැඩිවීමත් සමග තමන් එම පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඊ.පී.ඩී.පී.යේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.චන්ද්‍රකුමාර් මහතා පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඔහු ඊ.පී.ඩී.පී.පක්ෂයෙන් ඉවත්වූ බව දැනුම්දීම සඳහා යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. ඊ.පී.ඩී.පී.සංවිධානයෙන් ඉවත් වී වෙනත් දේශපාලන පක්ෂයකට එකතු වන්නේදැයි මාධ්වේදීන් විමසූ විට ඔහු කියා සිටියේ තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.
නමුත් උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට එම පළාත් සදහා පෙඩරල් පාලන ක්‍රමයක් ලබාගැනීම සදහා වූ අරගලයට තමන්ද දායක වන බව හිටපු මන්ත්‍රීවරයා කීවේය. ආර්.සම්බන්ධන් විපක්ෂ නායකවරයා මේ වසරේ උතුරු නැගෙනහිර පළාත්වලට පෙඩරල් පාලන ක්‍රමයක් ලබාගත හැකි බවට තබා ඇති විශ්වාසය කෙරෙහි තමන් සතුටු වන බව ද ඔහු සඳහන් කළේය.

No comments:
Post a Comment