ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 24 කින් ඉදිරියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 24 කින් ඉදිරියට

ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය තුළ ස්ථාන 24 කින් ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. 

මේ අනුව 2016 වර්ෂ‍ය සඳහා නිකුත් කෙරුණු දර්ශකයේ ශ්‍රී ලංකාව පසුවන්නේ 141 වන ස්ථානයේයි. පසුගිය වසර වනවිට ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ 165 වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවිය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසුව පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ තිබූ තහනම් ඉවත්කරමින් මාධ්‍ය නිදහස් කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසේ ප්‍රගමනය ගැන කෙටි පැහැදිලි කිරීමක් කරමින් මෙය සකස් කළ Reporters Without Borders - Reporters sans frontieres (RSF) ආයතනය පවසයි.

ශ්‍රී ලංකාවට අසල්වැසි ඉන්දියාව 133 වැනි ස්ථානයත්, පකිස්ථානයට 147 වැනි ස්ථානයත්, ඇෆ්ගනිස්ථානය 120 වැනි ස්ථානයත්, බංග්ලාදේශය 144 ස්ථානයත්, නේපාලය 105 වන ස්ථානයත්, භූතානය 94 වන ස්ථානයත් හිමිකර ගෙන තිබේ.

දේශසීමා රහිත මාධ්‍යවේදීයෝ නිකුත් කරන එම දර්ශකයේ ප්‍රමුඛස්ථානයේ පසුවන්නේ නෙදර්ලන්තයයි. එත්‍රියාව එම දර්ශකකයේ අවසන් ස්ථානය වන 180 වන ස්ථානයේ රැඳී සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad