'ඊළඟට යනවනම් යන්නේ පක්ෂ නායකකමට' - සුසිල් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

'ඊළඟට යනවනම් යන්නේ පක්ෂ නායකකමට' - සුසිල් (VIDEO)

පක්ෂ නායකත්වයේ අනුදැනුමකින් තොරව සන්ධානයේ ලේකම්වරයා ලෙස කිසිදු තීරණයක් තමා නොගත් බවත් තමන් ක්‍රියාත්මක කළ තීන්දු කිසිවක් තනි තීන්දු නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කළේ ය.


මින් පෙර සන්ධානයක් නොලැබූ තරම් ජයග්‍රහණ තම ලේකම්ධූරය යටතේ ලබා ගැනීමට හැකි වූ නමුත් තමන් කළ සේවය කිසිවිටෙකත් ඇගයීමට ‍ලක් නොවුණ බව ද ඒ මහතා පැවසීය. සන්ධානයේ නව  මහලේකම් ලෙස පත් වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය තනතුරේ රාජකාරි ආරම්භ කිරීම නිමිත්තෙන් ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ (16) පැවැති උත්සවයේ දී ඒ මහතා මේ අදහස් පළ කළේ ය.

ලේකම් ධූරයෙන් ඉවත් වුණායින් පසුව කිසිදු තනතුරක් තමන් බලාපොරොත්තු නොවූ බවත් පක්ෂ ලේකම් තනතුරෙන් පසු නායකත්වයට පත්වනවා හැර වෙනත් තනතුරු නොමැති බවත් එය නොලැබෙන නිසා ඒ ගැන බලාපොරොත්තුවක්  නැති බවත් ප්‍රේමජයන්ත් මහතා සිනහමුසුව පැවසුවේ ය.


වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad