'රවිරාජ් මැරුවේ පිල්ලෙයාන් දුන් ගිනිඅවියෙන්' - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 3, 2016

'රවිරාජ් මැරුවේ පිල්ලෙයාන් දුන් ගිනිඅවියෙන්'

නඩරාජා රවිරාජ් මහතා ඝාතනය පිළිබඳ නඩුවේ දී ඇන්ජලෝ රෝයි නම් සාක්කිකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ දී සාක්කි දෙමින් මෙසේ පවසා තිබේ.

"පදික වේදිකාවේ සිටි මිනිහකු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ කාරය ළඟට ගොස් ඔහුට වෙඩි තිබ්බා. ඔහු ගමන් මල්ලෙන් තුවක්කුව එළියට ගෙන පසුපස ආසනයේ සිටි පුද්ගලයාටයි වෙඩි තැබුවේ. මේ සිද්ධීය මා පොලිසියේ 119ට දැන්වුවා. 

පාරේ ගිය ගුවන් හමුදා ජිප් රියකටත් කිව්වා. නාරාහේන්පිට පොලිස් ගරාජය අසල සිටි කොස්තාපල්වරයකුටත් කිව්වා. තුවක්කුකරුවා ආවේ මෝටර් සයිකලයක පිටුපස ආසනයේ. මෝටර් සයිකලයේ නොම්මරයත් පොලිසියට දුන්නා."

"ප්‍රදීප් එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් දැනට රැඳවුම් බාරයේ සිටින කර්නල් ශම්මි කරුණාරත්න, කොටි සංවිධානයේ හිටපු නායකයකු වන පිල්ලෙයාන් දුන් බව කියන අවියෙන් රවිරාජ්ට වෙඩි තබා තිබෙනවා. එම අවිය චරන් නම් පුද්ගලයකුට දී තිබෙනවා. චරන් එය සෙනෙවිට දී තිබෙනවා." යැයි ද නඩුවේ දී සඳහන් වී තිබේ.

චරන් දැන් විදෙස්ගතව සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය පතන බව පොලීසිය අධිකරණයට දැන්වූවේ ය. පලන සාමි සුරේෂ්, ප්‍රසාද් හෙට්ටිආරච්චි, ගාමිණී සෙනෙවිරත්න, ප්‍රදීප් චමින්ද, සිවකාන්ත් විවේකානන්ද, ෆාබියන් රොයිස්ටන් ටුසේන්ට් සහ සම්පත් මුණසිංහ යන අය රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් දැනට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින අය වෙති.

No comments:

Post a Comment

Post Bottom Ad