අනාගත ජල කප්පාදුවක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

අනාගත ජල කප්පාදුවක්?

රට පුරා බොහෝ ප‍්‍රදේශවල වැසි නොමැති කාලගුණයක් පැවතිය ද කප්පාදුවකින් තොර ව අඛණ්ඩව ජලය ලබාදීමට තවමත් හැකියාව පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඉදිරියේ දී දැඩි නියඟයක් පැමිණ ජල මූලාශ්‍ර සිඳී ගියහොත් යම්කිසි ප්‍රමාණයක ජල කප්පාදු කිරීමට සිදුවන බව එහි අතිරේක සාමාන්‍යාධිකාරී ජී.ඒ. කුමාරරත්න මහතා පවසයි. එසේ ම මේ වනවිට එවන් තත්ත්වයක් උද්ගත වී නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ පිළිබඳ අදහස් දක්වන ජී.ඒ. කුමාරරත්න මහතා, "ගලා යන ජලය අපිරිසිදුවීම අපට තියෙන ලෙකු අභියෝගයක්. ඉතිං ඒ ජලය අපවිත්‍ර වෙන්න වෙන්න ඒවා පිරිසිදු කරන්න යන වියදම් සහ ක්‍රම වෙනස් කරන්න වෙනවා. 

අපට දැනට අවශ්‍යවන්නෙ අමු ජලය පුළුවන් විදිහට, හොඳ විදියට ලබාගැනීම තමයි. එයින් අපිට ජලය පවිත්‍රකිරීම සඳහා යන වියදම්, කාලය  සහ අනෙකුත් දේවල් අපට ඉතුරුකරගන්න එක තමයි අපි මෙතනදි බලාපොරොත්තු වන්නේ" යනුවෙන් සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad