විනය පරීක්ෂණ කළොත් වෙන දේ ගැන ඩලස් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

විනය පරීක්ෂණ කළොත් වෙන දේ ගැන ඩලස් කියයි

පසුගියදා කොළඹ හයිඩ් පිටියේ දී ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත් වූ ' ජන සටන ' රැලිය පක්‍ෂය කඩන රැලියක්‌ නොව එක්‌සත් ජාතික පක්‍ෂ විරෝධී රැලියක්‌ බව නිදහස් සන්ධාන මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ' ජන සටන ' මෑත කාලයේ අති විශාලතම ජනතාවක් සහභාගී වූ එජාප විරෝධී ජන රැලිය බවට තහවුරු වූ පසුත් එයට සහභාගී වූ පිරිසට විනය පරීක්‌ෂණ කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නෙරපන බවට පක්‍ෂයේ කවුරුන් හෝ නිලධාරියකු ප්‍රකාශ කරන්නේ නම් ඔහු සිටිය යුත්තේ ඩාලි පාරේ පිහිටි පක්‍ෂ කාර්යාලයේ නොව සිරිකොතේ හෝ අංගොඩ මානසික රෝහලේ බව කියාසිටියේය.

එදින රැලියට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අසූවෙන් 43 දෙනකු හා පළාත් සභා මන්ත්‍රීවරු 417 දෙනාගෙන් 284 දෙනකු ද පළාත් පාලන මන්ත්‍රීවරුන් 2611 න් 1484 දෙනෙක්‌ සහභාගි වූ බැවින් විනය පරීක්‍ෂණ පවත්වන්නේ නම් ඔවුන් සියලු දෙනාටම එරෙහිව විනය පරීක්‍ෂණ පවත්වා පක්‍ෂයෙන් නෙරපීමට සිදුවනු ඇති බව පැවසූ ඒ මහතා එම නිසා දැන්වත් පක්‍ෂය තුළ මතවාදී ගැටුමක්‌ තිබෙන බව තේරුම් ගෙන එම ගැටලුවට විසඳුම් සෙවීමට කටයුතු කරනවා විනා එජාප උවමනාවන් ඉටුකරමින් පක්‍ෂය කැඩීමට සූදානම් නොවන ලෙස ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad