මේ දවස්වල රෑට දාඩිය දාන හේතුව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 15, 2016

මේ දවස්වල රෑට දාඩිය දාන හේතුව මෙන්න

සෑම වසරකම ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල ඉන්දියානු ගොඩබිම හරහා ශ්‍රී ලංකාවට හමා එන සුළං මෙවර නොපැමිණීමෙන් මේ දිනවල ශ්‍රී ලංකාවේ රාත්‍රි කාලයේ දැඩි උණුසුමක්‌ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවාය.

මේ දිනවල රාත්‍රි කාලයේ පවත්නා අධික උණුසුම සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය. 


මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අනූෂා වර්ණසූරිය මහත්මිය, 

"සාමාන්‍යයෙන් ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල ශ්‍රී ලංකාවට සුළං හමා එන්නේ ඉන්දියානු ගොඩබිම හරහා. නමුත් මෙවර එම සුළං පැමිණියේ නැගෙනහිර මුහුදෙන්. නැගෙනහිර මුහුදෙන් පැමිණි සුළංවල ජලවාෂ්ප උණුසුම් බවින් වැඩියි. මෙයට එල්නිනෝ තත්ත්වය බලපා තිබෙනවා. 

වෙනදා වගේ ඉන්දියානු ගොඩබිම හරහා හමා එන සුළඟ නොපැමිණීම නිසා ශරීරයෙන් පිටවන ජලවාෂ්ප ප්‍රමාණය අඩු වී තිබෙනවා. ඒ නිසා රාත්‍රි කාලයේ වැඩි උණුසුමක්‌ අපට දැනෙනවා. මැයි මාසයේ නිරිතදිග මෝසම පටන් ගන්නාතුරු මෙම තත්ත්වය පවතින්න පුළුවන්. ඊට පෙර සවස්‌ කාලයේ වැසි වැටුණොත් උණුසුම මීටත් අඩු වේවි" යනුවෙන් වර්ණසූරිය මහත්මිය පැවසුවාය.

No comments:

Post a Comment

Post Bottom Ad