ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස, ඉංජිනේරු බන්දුල වික්‍රමාරච්චි මහතා පත් කෙරේ. ඊට අදාල පත්වීම ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා අතින් ලබා දුන්නේය.

ගම්පහ බණ්ඩාරණායක විද්‍යලයේ ආදි ශිෂ්‍යයකු වන වික්‍රමාරච්චි මහතා, පළමු උපාධිය මොරටුව විශ්වවිද්‍යාලයෙන් අවසන් කළේ, සිවිල් ඉංජිනේරුවරයකු බවට පත් වෙමිනි.

2001 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාලයෙන්ම පශ්චාත් ඉංජිනේරු ඩිප්ලෝමාව සම්පූර්ණ කළ ඒ මහතා, භූගෝලීය තොරතුරු පද්ධති සහ ගෝලීය නිරීක්ෂණ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය භාවිතය පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා තිබේ.

ඒ මහතා, 1995 වසරේ සිට වසර 17 ක කාලයක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙරළ සංරක්ෂණ ඉංජිනේරුවරයකු ලෙස ද 2012 වසරේ සිට වසර වසර තුනක කාලයක් ආපදා කළමණාකරණය පිළිබඳ කලාපීය උපදේශකවරයකු ලෙස ද කටයුතු කර කළේය.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් වීමට පෙර, බන්දුල වික්‍රමාරච්චි මහතා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ හා සංවර්ධන) ලෙස කටයුතු කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad