ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානත්වයෙන් ලබන 17 වැනි දා පැවැත්වෙන ජන රැලියට එජාපයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 500ක් සහභාගීවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අද(14) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එජාප ආණ්ඩුවේ දාසයන් ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කටයුතු නොකරන බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආත්මය වෙනුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පෙනී සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.
එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමකට කිසිදු උවමනාවක් නොමැති බවත් ඔවුනට අවශ්‍ය වන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට බවත් ඒ මහතා පෙන්වා දෙයි.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූවේ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහයෝගය පළ කළා යැයි ජනමාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ලබා දී ඇති බවයි.
මෙම යෝජනාව ආණ්ඩුව විසින් යෝජනා කර ආණ්ඩුව විසින්ම සම්මත කරගත්තක් බවත් එයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධයක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දෙයි. මෙම යෝජනාව පිළිබඳව ඔවුන්ට දැන ගැනීමට ලැබුණේ පක්ෂ නායකවරයාගෙන් බවත්, නායකවරයා විමසා සිටිය පසුව ඔවුන් ඊට එකඟ නොවන බව ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

No comments:
Post a Comment