පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහ ආණ්ඩුවේ සෙසු අකටයුතුකම්වලට එරෙහිව ඉදිරියේදීත් නැවත නැවත දෙවියන්ට කන්නලව් කරන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා මහතා පවසන්නේ යහපාලන ආණ්ඩුවේ මේ වන තෙක් ක්‍රියාකලාපයෙන් ජනතාව විශාල පීඩාවකට පත් වී සිටින බවයි.
එළබෙන පෙබරවාරි 13 වැනිදාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවා වසරක් සැපිරෙන බවත් එම ආයතනයේ අකටයුතුකම් දෙවියන් ඉදිරියේ පමණක් නොව අධිකරණය ඉදිරියට පවා ගෙන යන බවත් සඳහන් කළා.
ඒකාබද්ධ විපක්‍ෂය සංවිධාන කළ දේව කන්නලව්වක් සීනිගම දේවාලයේදී ඊයේ (06) පැවැත්වුණා. පොල්ගසා කරන මෙවැනි තවත් දේව කන්නලව්වක් ගොඩකවෙල අම්මඩුව කුඩා කතරගම දේවාලයේදී ලබන 13 වනදා සිදුකරන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා මහතා වැඩිදුරටත් කියාසිටියේ.
Sunday, February 7, 2016
ඒකාබද්ධ විපක්ෂය තවත් දේවාලයකදී පොල් ගසන්න සැරසෙයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment