සති අන්තයට නව දුම්රිය ගමන්වාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

සති අන්තයට නව දුම්රිය ගමන්වාර

මුහුදුබඩ දුම්රිය මාර්ගය සඳහා සති අන්තයේ සිට නව දුම්රිය ගමන් වාර 06 ක් හදුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සෑම සෙනසුරාදා දිනකම පස්වරු 05.40 ට මරදාන සිට ගාල්ල බලා දුම්රියක් ධාවනය වන අතර  සෑම ඉරිදා දිනකම පෙරවරු 08.40 ට ගාල්ලේ සිට විශේෂ දුම්රියක් මරදාන බලා පැමිණීමට නියමිතයි.

මීට අමතරව මරදානේ සිට මොරටුව බලා උදෑසන 07.21 ට ද මොරටුව සිට මරදාන බලා පෙරවරු 08.10 ට ද නව දුම්රියන් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති අතර මරදානේ සිට ගල්කිස්ස බලා පෙරවරු 07.56 ට නව දුම්රිය ගමන් වාරයක් ධාවනයට එක්කර තිබේ.

එමෙන්ම ගල්කිස්සේ සිට මරදාන බලා පෙරවරු 09.45 ට දුම්රියක් ධාවනය කෙරෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නව දුම්රිය ගමන්වාර  මෙම සති අන්තයේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad