හම්බන්තොට මාගම්පුර වරායේ සේවයේ නියුතු චීන ජාතිකයින්ට කෑම සඳහා අලෙවි කිරීමට රැගෙන ගිය කිරි ඉබ්බන් දෙදෙනෙකු සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට දැඩි ආරක්ෂිත සත්වයෙක්වන කිරි ඉබ්බා ළඟ තබා ගැනීම, මැරීම නීතියෙන් තහනම්වන අතර පසුගිය කාලයේ හම්බන්තොට බොහෝ වැව්වල ජීවත්වන කිරි ඉබ්බන් එලෙස අල්ලා ගෙන චීන ජාතිකයින්ට මුදලට අලෙවි කළ අවස්ථා කිහිපයක් වාර්තා විය.
මෙරට චීන ජාතිකයින් නැවතී සිටින ස්ථානවල ද කිරි ඉබ්බන් සඟවා ගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමේ අවස්ථා කිහිපයක් තිබූ බව ද හම්බන්තොට වනජිවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී ඩබ්.එම්. ගුණතුංග මහතා සඳහන් කරයි. හම්බන්තොට ජුල්ගමුව වැවෙන් මෙලෙස අල්ලා ගෙන යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇත.
රාහුල් සමන්ත - හම්බන්තොට

No comments:
Post a Comment