2016 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුසලානය අද (16) දිවයිනට රැගෙන එනවා. ඒ, විස්සයි විස්ස ලෝක කුසලානය ලොව පුරා රටවල් 12ක ප්‍රදර්ශනය කිරීමට සමගාමීවයි.
ඒ අනුව මෙම කුසලානය අද (16) පස්වරු 6.30ට කොළඹ තුරඟ තරග පිටියේදී පළමුව ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
ඊට අමතරව ලබන 17 වෙනිදා ගාලූමුවදොර පිටියේදීත් ලබන 18 සහ 19 යන දෙදින කොළඹ ආර්.පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදීත් මහජනතාව වෙනුවෙන් කුසලානය ප්‍රදර්ශනය කෙරෙනවා. විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 8 වෙනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිනවා. ඔවුන් එහිදී දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග තරග වැදීමට නියමිතයි.
විස්සයි විස්ස ලෝක කුසලානය බංගලාදේශයේ ප්‍රදර්ශණය කෙරුණු අයුරු පහතින් නරඹන්න
Saturday, January 16, 2016
විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාවට (VIDEO)
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment